මතෙව් 21:6-11

මතෙව් 21:6-11 SCV

ගෝලයෝ පිටත් ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. ඔවුහු බූරු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක. අති මහත් ජනකායක් තම උඩු කබා මහ මග අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ. උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය. උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරය ම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ. “උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.

මතෙව් 21:6-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය