මතෙව් 20:29-34

මතෙව් 20:29-34 SCV

ඔවුන් යෙරිකෝවෙන් පිටත් ව යද්දී, විශාල ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. එවිට මෙන්න, පාර අයිනේ හිඳ සිටි අන්ධයින් දෙදෙනෙක්, යේසුස්වහන්සේ එතැන පසු කොට යන බැව් අසා, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට වන්හ. නිශ්ශබ්ද වන ලෙස ජනයා ඔවුනට තරවටු කළහ. එහෙත් ඔවුහු වඩ වඩා උස් හඬ නගමින්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව!” යි මොර ගැසූහ. යේසුස්වහන්සේ නැවතී, ඔවුනට අඬගසා, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක. “ස්වාමිනි, අපගේ ඇස් ඇරිය මැනව” යි ඔවුහු කීහ. යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහි ම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 20:29-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය