“යුදෙව්වරුන්ගේ රජ ව උපන් තැනැත්තේ කොහේ ද? මන්ද එතුමාණන්ගේ තරුව නැගෙනහිරින් දැක, අප මේ ආවේ එතුමාණන්ට නමස්කාර කරන්නට යැ” යි කීහ. ඒ ඇසූ හෙරෝද් රජු ද ඔහු සමඟ මුළු යෙරුසලම ද කැලඹිණි. ජනයාගේ නායක පූජක සියල්ලන් හා දහම් පඬිවරුන් රැස් කර වූ ඔහු, ක්‍රිස්තුස්වහන්සේ කොතැන්හි උපදින්නට නියමිතදැයි ඔවුන්ගෙන් විමසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ බෙත්ලෙහෙමෙදීයි. මන්ද දිවැසිවරයා ලියා තිබෙන්නේ: “ ‘එම්බා, යූදා දේශයේ බෙත්ලෙහෙම, යූදාහි අධිපතීන් අතර නුඹ කිසි සේත් සුළු වන්නේ නැත; මන්ද මගේ ජනයා වූ ඉශ්‍රායෙල්ගේ එඬේරාණන් වන පාලකයෙක් නුඹගෙන් නික්ම එනු ඇත’ කියා යැ” යි කීහ. ඉන්පසු හෙරෝද්, පෙරදිග පඬිවරුන් රහසේ තමා වෙත කැඳවා, ඔවුනට තරුව පෙනුණ හරි කාලය සොයා දැනගත්තේ ය. ඔහු බෙත්ලෙහෙමට ඔවුන් පිටත් කර යවමින්, “ගොස් මනා විපරමින් දරුවා ගැන සොයා බලන්න. ඔබට ඔහු හමු වූ විට, මා ද ගොස්, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ඇවිත්, මට දන්වන්නැ” යි කීවේ ය.
මතෙව් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 2:2-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ