මේ දෑ කියා නිම වූ පසු යේසුස්වහන්සේ ගලීලයෙන් නික්ම, යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. මහ ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. උන්වහන්සේ එහිදී ඔවුන් සුව කළ සේක. පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, “කවර හේතුවක් නිසාවත්, මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන් ගැන්මේදී පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද? උන්වහන්සේ කීවේ, ‘එබැවින් මිනිසෙක් තම පියා හා මව අතහැර තම භාර්යාවට බැඳෙයි’ කියායි. මෙසේ ඔවුන් දෙදෙනා එක මාංසයක් බවට පත් වන බැවින්, තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති. එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් කරනු නො ලබත්වා!” යි පැවසූ සේක. “එසේ නම්, තම භාර්යාවට දික්කසාද සහතිකයක් දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් නියෝග කළේ මන්දැ?” යි ඔවුහු ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන් ගැන්මේ සිට වූයේ එලෙස නො වේ. මා ඔබට කියන්නේ ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුට ම එය පිළිගත හැකි කීමක් නො වේ. මන්ද උපතින් ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන් ම නපුංසක ව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.
මතෙව් 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 19:1-12
5 Days
Journey with Uncommen as we consider the purpose of marriage, how we can better serve each other as husband and wife, the mysterious role marriages play, and why Jesus is our ultimate hope. We hope you’ll learn how to live as one.
Discover God’s beautiful design for marriage with Marriage God’s Way. This Bible plan guides couples to align their relationship with God’s purpose, offering wisdom, encouragement, and practical steps for building a Christ-centered marriage. Whether you’re newlyweds or have years together, explore what Scripture says about love, unity, and faithfulness to help your marriage thrive according to God’s plan. Let His Word transform your relationship today!
6 Days
Matthew writes to God’s people and walks them on a journey that will take them from where they are to be Disciple Makers. This is 19 of 27 devotional plans walking us through the book of Matthew. In this portion, Jesus shows how we must forgive and God’s perspective on marriage and the family.
7 Days
Jesus loved questions. Of the 183 questions Jesus was asked by people, He most often answered by asking a question Himself. It was the most common way He helped people grow. Join Tom Hughes, author of the book Curious and pastor of Christian Assembly Church in Los Angeles on this 7-day journey watching your faith grow as you respond to the questions Jesus is still asking.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ