මතෙව් 18:6-9

මතෙව් 18:6-9 SCV

“එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය. පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ! ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.

මතෙව් 18:6-9 බයිබල් පදය සහිත රූපය

මතෙව් 18:6-9 - “එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය. පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ! ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.