මතෙව් 18:31-35
මතෙව් 18:31-35 SCV
සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත් ව, ගොස්, සිදු වූ හැම දෙයක් ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ. “එවිට ඔහු කැඳවූ හාම්පුතා, ‘එම්බා දුෂ්ට දාසය, නුඹ මට කන්නලව් කළ නිසා, නුඹේ සියලු ණය කමා කළෙමි. මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතු ව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය. ඔහුගේ හාම්පුතා කෝප වී, තමාගේ සියලු ණය ගෙවන තෙක් ඔහු වධකයින්ට බාර දුන්නේ ය. “ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මගේ පියාණන්වහන්සේත් එසේ ම කරන සේකැ” යි පැවසූ සේක.

