මතෙව් 18:28-30

මතෙව් 18:28-30 SCV

“එහෙත් ඒ දාසයා පිටත් ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණය ව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය. “එවිට සහෝදර දාසයා දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය. “එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, ණය ගෙවන තෙක් ඔහු සිරගත කරවී ය.