මතෙව් 18:21-25

මතෙව් 18:21-25 SCV

එවිට පේතෘස් අවුත්, උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, මගේ සහෝදරයා මට එරෙහිව පව් කරන කල, මා කී වරක් ඔහුට කමා විය යුතු ද? හත් වරක් දක්වා දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි. “එබැවින් ස්වර්ග රාජ්‍යය, තම දාසයින් සමඟ ගණන් බේරීමට කැමති වූ රජකුට සමාන කළ හැකි ය. ඔහු බේරුම් කිරීම ඇරඹූ කල, තලෙන්ත දස දහසක් ඔහුට ණය වූ දාසයෙක් ඔහු ඉදිරියට පමුණු වන ලදී. ණය ගෙවීමට ඔහුට නුපුළුවන් වූ බැවින් එම ණය ගෙවනු පිණිස ඔහුත්, ඔහුගේ භාර්යාව හා දරුවනුත්, ඔහුට අයත් ව තිබූ සියල්ලත් විකුණා, ණය බේරන ලෙස ඔහුගේ හාම්පුතා නියෝග කළේ ය.

මතෙව් 18:21-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය