එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩි ව පීඩා විඳිතැ” යි කීවා ය. එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක් ම ඉල්ලූහ. උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක. එහෙත් පෙරට ආ ඈ උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, පිහිට වුව මැනවි!” යි කීවා ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක. එවිට ඈ, “එසේය ස්වාමිනි, බල්ලෝ වුවත් තම හාම්පුතුන්ගේ මේසයෙන් වැටෙන අහර කැබලි අවුළා කති” යි කීවා ය. එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේ ම සුවය ලද්දී ය.
මතෙව් 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 15:22-28
30 දින
යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ