මතෙව් 14:28-32
මතෙව් 14:28-32 SCV
එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය. උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය. එහෙත් සුළඟ දැක, ඉන් බියපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවාගත මැනව” යි මොර ගැසී ය. එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලා ගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක. ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි.


