මතෙව් 13:44-50
මතෙව් 13:44-50 SCV
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත් ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී. “තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්දකුට සමාන ය. ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිල දී ගත්තේ ය. “තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය. එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ. යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.


