ඒ දවසේ ම යේසුස්වහන්සේ නිවසින් පිටත් ව, මුහුද අද්දර හිඳගත් සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන් උන්වහන්සේ ඔරුවකට නැග, එහි හිඳගත් සේක. මුළු ජනකාය ම වෙරළේ සිටගෙන වුන්හ. උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මගින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. සමහරක්, එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින් ඒවා ඉක්මනින් පැළවිණි. එහෙත් හිරු නැගුණ කල ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. අන් බීජ කටු පඳුරු අතරේ වැටුණි. කටු පැළ වැවී ඒවා යට කර දැමී ය. සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වී ය. කන් ඇත්තා අසත්වා!” එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මගින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත. ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ; ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත. ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි: “ ‘නිරතුරු ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත. මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි. එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ. සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබ දකින දේ දකින්නට දිවැසිවරු බොහෝ දෙනෙක් ද දමිටුන් බොහෝ දෙනෙක් ද මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා දක්නට ලැබුණේ නැත. ඔබ අසන දේ අසන්නට ද ඔවුහු මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා අසන්නට ලැබුණේ නැත.
මතෙව් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 13:1-17
3 Days
Raising responsible kids who are self-motivated and hard workers can be difficult when all they want to do is sit in front of a TV or play videogames. So how do you raise a teen to be responsible and make good decisions? Rebecca Gregoire Lindenbach, author of the book Why I Didn’t Rebel, interviewed dozens of young people and, together with psychology research, found some common themes among families with kids who didn’t rebel, and families with kids who did. This 3-day action plan will give you the run-down on raising responsible teens. To find out more or purchase the book, visit http://amzn.to/2wipiOj
Why did Jesus preach in parables? Why did He only explain what the parables meant to His disciples, in private, and not to everyone? In this three-day devotional, you will learn why Jesus used parables to teach, whether we should use them, and why they are helpful to us.
Is there a time when God stops pursuing us? The scary answer is yes. God is merciful and He gives us chance after chance. But our chances are not infinite. Eventually time runs out. This devotional will explore what it looks like when a hardened heart refuses God’s welcome so many times that He stops asking.
Thank you for faithfully investing in the mission to take God’s Word to the world. You’re more than a giver. You’re a vital part of our Community and team—you’re a Sower. Over the next few days, we’ll look at the Parable of the Sower together and discover what it truly means to sow God’s Word.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ