ඔවුන් නික්ම යත් ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු” ය කියායි. මන්ද, “ ‘මෙන්න මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’ යි ලියා ඇත්තේ ඔහු ගැන ය. “සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය. යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති. මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා ව්‍යවස්ථාව, දිවැසි වැකි පළ කළහ. ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි.
මතෙව් 11 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මතෙව් 11:7-14
4 Days
We are joint-heirs with Christ. This is an awesome blessing! If you are doubtful and still need convincing, or if you are wavering and need some reminding, this 4-day reading plan is for you.
5 Days
This devotional series can help you to honestly acknowledge and bring your doubts to God, turn to His Word when you doubt, and move toward God in faith. He is big enough to handle all your concerns, no matter how messy you may think they are!
As followers of Jesus, we all experience doubts and questions regarding our faith. It's normal and gives us a chance to deepen our faith even further. This five-day Bible Reading Plan will provide you with practical ways to lean into your doubts and choose to seek God through them.
Realizing how little control we have over our lives can make us fearful and anxious--or it can lead to greater intimacy with God, a richer prayer life, and a joyful eternal perspective. Learn how surrendering your expectations leads to a greater experience of God's love in this 5-day devotion from Lauren and Michael McAfee.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ