මතෙව් 10:11-16

මතෙව් 10:11-16 SCV

ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න. ඒ නිවස ඊට සුදුසු නම්, ඔබගේ සාමය එහි පවතීවා; එහෙත් එය ඊට නුසුදුසු නම්, ඔබගේ සාමය ආපසු ඔබ වෙත ඒවා. කිසි කෙනකු නො පිළිගැනේ නම් හෝ ඔබගේ වචනවලට සවන් නො දේ නම්, ඔබ ඒ නගරයෙන් හෝ ඒ නිවසින් පිටත් ව යන කල, ඔබේ පා දූලි ගසා දමා යන්න. සැබවින් ම මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නගරයට වඩා, සොදොම් හා ගොමොරා දේශයට දැරිය හැකි වන බවයි. “මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණ ව, පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.

මෙයට අදාළ වීඩියෝ