මතෙව් 1:18-21

මතෙව් 1:18-21 SCV

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මගින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ. ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමති ව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය. එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මගින් වූවකි. ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.