මතෙව් 1:1-16

මතෙව් 1:1-16 SCV

ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය: ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය. රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහාබ් ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්ගේ මව රූත් ය. ඕබේද්, යෙස්සේගේ පියා ය. යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සාලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය. සාලමොන්, රෙහොබොවම්ගේ පියා ය. රෙහොබොවම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. ආසා, යෙහෝෂාෆාට්ගේ පියා ය. යෙහෝෂාෆාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය. උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය. හෙසකියා මනස්සේගේ පියා ය. මනස්සේ, ආමොන්ගේ පියා ය. ආමොන්, යොසියාගේ පියා ය. යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය. බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ පසු: යෙකොනියා, ෂෙයල්තියෙල්ගේ පියා ය. ෂෙයල්තියෙල්, සෙරුබ්බාබෙල්ගේ පියා ය. සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය. අබියුද්, එලියාකීම්ගේ පියා ය. එලියාකීම්, ආසොර්ගේ පියා ය. ආසොර්, සාදෝක්ගේ පියා ය. සාදෝක්, ආකීම්ගේ පියා ය. ආකීම්, එලියුද්ගේ පියා ය. එලියුද්, එලෙයාසර්ගේ පියා ය. එලෙයාසර්, මත්තාන්ගේ පියා ය. මත්තාන්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.