“මෙන්න! ඒ දවස පැමිණේ. එය පෝරනුවක් මෙන් ඇවිළේ. සියලු අහංකාරීන් හා දුෂ්ටකම් කරන හැමකකු ම පිදුරු ය. පැමිණෙන ඒ දවස ඔවුන්ට ගිනි තබනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට ඔවුන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි වන්නේ නැත. එහෙත් මගේ නාමයට ගෞරව දක්වන ඔබට, දමිටුකමේ හිරු, තම පියාපත්වල සුවය දරාගෙන උදාවන්නේ ය. එවිට ඔබ, ගාලෙන් ලිහා එළිමහනට යැවූ වසු පැටවුන් මෙන් දුවනු පනිනු ඇත. එවිට ඔබ දුෂ්ටයින් පයින් පාගා දමනු ඇත. ඔවුන් ඔබේ යටි පතුල් යට අළු බවට පත් වන්නේ ය. එසේ වන්නේ මා මේ දෑ සූදානම් කරන දවස්හි දී යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “මගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාව සිහි කරන්න. මුළු ඉශ්‍රායෙල් සඳහා හොරේබ්හි දී මා ඔහුට අණ කළ නියෝග සහ නියමයන් සිහි කරන්න. “මෙන්න! ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස එළැඹෙන්නට පෙර මම දිවැසිවර එලියා ඔබ වෙත එවන්නෙමි. ඔහු පියවරුන්ගේ හදවත් තම දරුවන් වෙත ද දරුවන්ගේ හදවත් තම පියවරුන් වෙත ද හරවනු ඇත්තේ මා අවුත්, විනාශයක නියමයකින් දේශයට පහර නො දෙන පිණිස ය.”
මලාකී 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මලාකී 4:1-6
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Word of Joy.”
Daily Bible reading helps you build consistent interaction with Scripture. Background, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers prompted by the day's passage will all help you connect with God and others. Journey with us this month and explore the theme “God’s Guiding Word: Joy"
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ