“එම්බා පූජකයිනි, දැන් මේ ආඥාව නුඹලාට ය. නුඹලා මට සවන් නො දෙන්නේ නම්, මගේ නාමයට ගෞරව කරන්නට නුඹලාගේ හදින් වග බලා ගන්නේ නැති නම්, මම නුඹලා පිට ශාපයක් එවන්නෙමි. නුඹලාගේ ආශිර්වාදවලට ද ශාප කරන්නෙමි” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “ඇත්තෙන් ම, මට ගෞරව කරන්නට නුඹලා වග බලා ගත්තේ නැති නිසා මම දැනටමත් ඒවාට ශාප කර ඇත්තෙමි. “මෙන්න! නුඹලා නිසා මම නුඹලාගේ වංශයට ද තරවටු කරන්නෙමි. නුඹලාගේ උත්සව යාග පූජාවල සතුන්ගේ අපද්‍රව්‍ය නුඹලාගේ මුහුණුවල තවරන්නෙමි. ඒවා සමඟ නුඹලා ද ඉවත් කර දමනු ලබති. මෙම ආඥාව මා නුඹලා වෙත එවුවේ, ලෙවී සමඟ වූ මගේ ගිවිසුම දිගට ම පවතින පිණිස වග එවිට නුඹලා දැනගනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ඔහු සමඟ වූ මගේ ගිවිසුම ජීවනයේත්, සාමයේත් ගිවිසුමකි; මා ඒවා ඔහුට දුන්නේ ගෞරව දක්වනු පිණිස ය. ඔහු මට ගෞරව ප්රණාම දැක්වී ය. මගේ නාමයට භය පක්ෂපාතී ව සිටියේ ය. සත්‍ය ගුරු උපදෙස් ඔහුගේ මුවෙහි විය. අසත්‍ය කිසි දෙයක් ඔහුගේ දෙතොලතරෙහි නො වී ය. ඔහු සාමයෙන් ද අවංකත්වයෙන් ද යුතු ව මා සමඟ ගැවසෙමින්, බොහෝ දෙනකු පාපයෙන් හැරවී ය. “මන්ද දැනගැන්ම පූජකයාගේ තොල් අතරෙහි පැවතිය යුතු ම ය. මිනිසුන් උපදෙස් සොයා යා යුත්තේ ද ඔහුගේ මුවිනි. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේගේ පණිවුඩකරුවා ඔහු ය. එහෙත් පූජක නුඹලා මාර්ගයෙන් ඉවත හැරී ගොසිනි. ඉගැන්වීම් මගින් බොහෝ දෙනකු පැකිළෙන්නට සලසා ඇත. ලෙවී ගිවිසුම ද නුඹලා දූෂ්‍ය කොට ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එබැවින් නුඹලා මගේ මාර්ග රක්ෂා නො කර, ව්‍යවස්ථාවේ කටයුතුවලදී තරාතිරම් දැක් වූ නිසා මමත් මුළු මහත් ජනයා ඉදිරියෙහි නුඹලා නීච වී, අවමානයක් වන්නට සැලැස්වීමි.” අප හැමට ඇත්තේ එක ම පියාණන් නො වේ ද? අප මවා ඇත්තේ එක ම දෙවියන්වහන්සේ නො වේ ද? එහෙම නම් අප එකිනෙකා විශ්වාසය කඩ කරමින් අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලෙසන්නේ මන්ද? යූදා විශ්වාසය කඩකර ඇත. ඉශ්රායෙලය තුළත්, යෙරුසලම තුළත් පිළිකුල්කමක් කර ඇත. විජාතික දෙවියකුගේ දියණිය ආවාහ කර ගැනීම මගින් යූදා කර ඇත්තේ ස්වාමින්වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථානය කෙලෙසීම ය. එසේ කරන මිනිසා කවරකු වුවත්, ඔහු සේනාංකවල ස්වාමින්වහන්සේට පූජා ගෙන ආවා වුවත්, යාකොබ්ගේ කූඩාරම් වෙතින් ස්වාමින්වහන්සේ ඔහු සිඳ දමන සේක්වා! නුඹලා තවත් දෙයක් කරති. නුඹලා ස්වාමින්වහන්සේගේ පූජාසනය කඳුළුවලින් යට කරති. නුඹලාගේ පූජාවන්ට උන්වහන්සේ අවධානය යොමු නො කරන නිසා හෝ ඒවා නුඹලාගේ අතින් සතුටින් නො පිළිගන්නා නිසා නුඹලා හඬා වැලපෙති. “ඒ ඇයි දැ?” යි නුඹලා අසති. ඒ, ඔබේ තුරුණු වියේ බිරිඳත්, ඔබත් අතරේ සාක්ෂිකරුවකු වශයෙන් ස්වාමින්වහන්සේ ක්‍රියා කරන නිසයි. ඇය ඔබේ ජීවිත පංගුකාරිය වුවත්, ඔබේ විවා ගිවිසුමේ සහකාරිය වුවත් ඇය හා වූ විශ්වාසය ඔබ කඩකර ඇති නිසයි. උන්වහන්සේගේ ආත්මයේ පංගු කොටසක් ඇති ව, උන්වහන්සේ ඔබ ව එක් කෙනකු නො කළ සේක් ද? දෙවියන්වහන්සේ සොයන්නේ කුමක් ද? දේව භක්තික දරු කැළකි. එබැවින්, ඔබේ ම ජීවිතය ගැන පරෙස්සමින්! ඔබේ තුරුණු වියේ බිරිඳ සමඟ විශ්වාසය නො බිඳින්න. “මන්ද වෛර කරන, දික්කසාද වන මිනිසා තම ඇඟලුම් සැහැසිකමින් වසා ගනිතැ” යි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සේකැයි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ ම ජීවිතය ගෞරවයෙන් සලකන්න; මෙබඳු විශ්වාසය කඩ නො කරන්න.” ඔබ, ඔබේ ම වචනවලින් ස්වාමින්වහන්සේ වෙහෙසට පැමිණ වූහ. “අප කෙලෙසක උන්වහන්සේ වෙහෙසට පත් කර ඇත් දැ?” යි ඔබ අසති. “දුෂ්ටකම් කරන සියල්ලන් ස්වාමින්වහන්සේගේ ඇස්වලට මනාපය; උන්වහන්සේ ඔවුන්ට ප්‍රිය යැ” යි කීමෙන් හා “යුක්තියේ දෙවියන්වහන්සේ දැන් කොහේ දැ?” යි කීමෙනි.
මලාකී 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: මලාකී 2:1-17
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Word of Joy.”
Daily Bible reading helps you build consistent interaction with Scripture. Background, key verses for meditation, reflection questions to help you dive deeper into Scripture, and prayers prompted by the day's passage will all help you connect with God and others. Journey with us this month and explore the theme “God’s Guiding Word: Joy"
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ