මලාකී 1:1-5

මලාකී 1:1-5 SCV

දිව්‍ය ප්‍රකාශනයකි: මලාකී මගින් ඉශ්‍රායෙල් වෙත වූ ස්වාමින්වහන්සේගේ වචනයයි. “මම ඔබට ප්‍රේම කළෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේක. “එහෙත්, ඔබ අසන්නේ, ‘ඔබවහන්සේ කෙලෙස අපට ප්‍රේම කළ සේක් ද?’ කියා ය. “ඒසව්, යාකොබ්ගේ සහෝදරයා නො වී දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “එනමුදු මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් මම ඒසව්ට ද්වේෂ කළෙමි. මම ඔහුගේ කඳු පළාත පාළුවක් කළෙමි. ඔහුගේ උරුමය ද කාන්තාර සිවලුන්ගේ වාසයට අත් හැරියෙමි.” “අප පොඩි පට්ටම් කර දමනු ලැබුවත්, ජරාවාස වූ දේ අපි යළි ගොඩ නගන්නෙමු” යි ඒදොම් කියන්නට පුළුවන. එහෙත් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔවුන් ගොඩ නගනු ඇත. එහෙත් මම බිඳ හෙළන්නෙමි. ඔවුන් අමතනු ලබනු ඇත්තේ, දුෂ්ටකමේ දේශය ය; ස්වාමින්වහන්සේගේ උදහස සදහට ම දරන ජාතියක් ය” යනුවෙනි. ඔබේ ම ඇස්වලින් ඔබ එය දකිනු ඇත. “ඉශ්‍රායෙල් සීමාවලින් ඔබ්බෙහි ද ස්වාමින්වහන්සේ උතුම් යැ” යි එවිට ඔබ කියනු ඇත.