ලූක් 9:23-27

ලූක් 9:23-27 SCV

ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා. මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී. එහෙත් මා නිසා සිය ජීවිතය අහිමි කර ගන්නා, එය රැක ගනී. යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කර ගනී නම් හෝ අහිමි කර ගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද? යමෙක් මා ගැනත්, මගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්ත ව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත. “සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.

ලූක් 9 කියවන්න