ලූක් 8:36-39

ලූක් 8:36-39 SCV

යක්ෂාත්මාවේශ ව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ. ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත් ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක. යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්, “ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත් ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.

ලූක් 8 කියවන්න