ලූක් 7:1-5

ලූක් 7:1-5 SCV

ජනයා අසා සිටියදී ඒ සියලු කියුම් කියා නිම වූ පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ සේක. සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගී ව, මරණාසන්න ව සිටියේ ය. යේසුස්වහන්සේ ගැන ඇසූ එම සියයේ සෙන්පතියා, පැමිණ තම දාසයා සුව කර දෙන්නැයි ඉල්ලන්නට යුදෙව් වැඩිහිටියන් කීප දෙනකු උන්වහන්සේ වෙත යැවී ය. යේසුස්වහන්සේ වෙත පැමිණි ඔවුහු උදක් ම අයදිමින්, “ඔබෙන් උදවු ලබන්නට ඔහු සුදුසුයි. ඔහු අපේ ජාතියට ප්‍රේම කරන්නෙක්. අපේ සිනගෝගය අපට තනා දුන්නේ ද ඔහුයි” කීහ.

ලූක් 7 කියවන්න