ලූක් 5:1-9

ලූක් 5:1-9 SCV

වරක් යේසුස්වහන්සේ ගෙන්නසරෙත් විල් තෙර සිටගෙන සිටියදී, ජනයා දෙවියන්වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේට තෙරපෙන්නට වූහ. විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන්වහන්සේ දුටු සේක. මන්ද ධීවරයෝ ඔරුවලින් බැස, තම දැල් සෝදමින් සිටියහ. උන්වහන්සේ ඉන් එකකට, සීමොන්ගේ ඔරුවට ගොඩ නැගී, වෙරළින් එය මදක් එහාට කරන්නැයි ඔහුට පවසා, ඔරුවේ හිඳ ජනයාට උගන්වන්නට වන් සේක. කතා කර නිම වූ පසු උන්වහන්සේ සීමොන් අමතා, “මාළු මඩියක් අල්ලා ගන්නට දියඹේ ගැඹුරට ගොස්, දැල් දමන්නැ” යි කී සේක. සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේ ම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය. එහෙත් ඔවුන් එසේ කළ විට, මසුන් මහත් රාශියක් හසුවූයෙන්, ඔවුන්ගේ දැල් ඉරෙන්නට වන්නේ ය. එබැවින් ඔවුහු, උදව්වට එන ලෙස, අනෙක් ඔරුවේ තම හවුල්කරුවනට සංඥා කළහ. ඔවුන් ද අවුත්, මසුන් කොතෙක් පටවා ගත්තේ ද යත්, ඔරු දෙක ම පිරී, ගිලෙන්නට වන්නේ ය. සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත් ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය. මන්ද හසු වූ මසුන් තොගය නිසා, ඔහු ද ඔහු සමඟ සිටියවුන් ද අන්දමන්ද වූ බැවිනි.

ලූක් 5 කියවන්න

ලූක් 5:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය