ලූක් 4:42-43
ලූක් 4:42-43 SCV
පසු දින පහන් වූ කල උන්වහන්සේ පිටත් ව, හුදකලා තැනකට ගිය සේක. ජනයා උන්වහන්සේ සොයමින්, උන්වහන්සේ වෙත අවුත්, ඔවුන් වෙතින් ඉවත් ව යා නො දී නවතා ගන්නට තැත් දැරූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය මා අනෙක් නගරවලත් දේශනා කළ යුතුයි. මන්ද මා එවනු ලැබ ඇත්තේ ඒ සඳහා යැ” යි පැවසූ සේක.

