ලූක් 24:44-52

ලූක් 24:44-52 SCV

උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙත්, දිවැසිවරුන්ගෙත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක් ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක. ඉන්පසු ශුද්ධ ලියවිලි වටහා ගත හැකි වන සේ ඔවුන්ගේ මනස විවර කළ උන්වහන්සේ, ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්‍රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතු ව ඇත. යෙරුසලමෙන් පටන් ගෙන සියලු ජාතීන්ට ම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතු ව ඇත’ යනුවෙනි. මේ දේවලට සාක්ෂිකරුවෝ ඔබයි. මෙන්න! මම මගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළ ම නැවතී සිටින්නැ” යි පැවසූ සේක. ඉන්පසු බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගිය උන්වහන්සේ, ස්වකීය අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළ සේක. එසේ ආශිර්වාද කරද්දී ම, ඔවුන් වෙතින් වෙන් වූ උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක. උන්වහන්සේට නමස්කාර කර, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ආ ඔවුහු