තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, ගල ඉවත පෙරළා තිබෙනු දුටහ. ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත. ඔවුන් ඒ ගැන වියවුල් ව සිටියදී, මෙන්න! හදිසියේ ම, කාන්තිමත් වස්ත්‍රයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන! ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද? උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්, ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ. එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි. සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ.
ලූක් 24 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 24:1-9
8 දින
ඒ සියල්ල ආරම්භ වූයේ කෙසේද? අපි කොහෙන්ද ආවේ? ලෝකයේ මෙතරම් දුක්ඛිත තත්වයන් පවතින්නේ ඇයි? බලාපොරොත්තුවක් තිබේද? මරණයෙන් පසු ජීවිතයක් තිබේද? ලෝකයේ මෙම සැබෑ ඉතිහාසය කියවන විට පිළිතුරු සොයා ගන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ