ඒ හය වන පැය පමණ විය. නව වන පැය දක්වා ම දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩ ව පැළිණි. යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන් ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය. මෙම දර්ශනය නැරඹීමට රැස් වූ මුළු ජනයා සිදු වූ දේ දැක, තම තමන්ගේ ළයට ගසා ගනිමින්, ආපසු ගියහ. එහෙත් ගලීලයේ සිට උන්වහන්සේ පසු පස පැමිණි ස්ත්‍රීන් ඇතුළු උන්වහන්සේ දැන සිටි සියල්ලෝ මදක් ඈතින් සිට මේ දේවල් බලා සිටියහ. යුදෙව් නුවරක් වූ අරමාතියාහි ගුණවත්, දමිටු පුද්ගලයෙක් වූ යෝසෙප් නම් මිනිසෙක් සිටියේ ය. යුදෙව් මන්ත්‍රණ සභිකයකු වුව ද, ඔහු ඔවුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත කළේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි කෙනෙකි. මේ මිනිසා පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලුවේ ය. පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි. ඒ සූදානම් වීමේ දවසයි. සබත ද ඇරඹෙමින් තිබිණි. ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ. ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.
ලූක් 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 23:44-56
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ