ලූක් 21:12-15

ලූක් 21:12-15 SCV

“එහෙත් මේ සියල්ලට පළමු ඔවුන් ඔබ අත්අඩංගුවට ගෙන, සිනගෝගවල ද සිර ගෙවල දමමින්, ඔබට වධ හිංසා පමුණුවනු ඇත. මගේ නාමය නිසා රජුන් හා ආණ්ඩුකාරයින් ඉදිරියට ඔබ ගෙන යනු ලබනු ඇත. සාක්ෂි දරන පිණිස මෙය ඔබට අවස්ථාව වනු ඇත. එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න. මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභ කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.