එතුමාණන්ගේ මව් පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ. එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත. එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්, හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ. තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය. එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ. එතුමාණන් දුටු කල මව් පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ කුමට ද? මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ මා සිටිය යුතු වග ඔබ දැන සිටියේ නැද්දැ?” යි ඇසූ සේක.
ලූක් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ලූක් 2:41-49
4 Days
As parents there are so many important things we want to teach our children. This reading plan touches on friends, marriage, and more!
There's so much that goes into parenting that you don't know when you bring your precious bundle home for the first time. Filling your own heart with God's love is the important first step as you delve into this lifelong task. Come along on this 4-step plan for parenting from a heart full of God.
Ever thought much about Joseph of Nazareth? Jesus had to be conceived by the Holy Spirit but raised to manhood by an earthly father. Joseph’s purpose was to raise Jesus and make a man of the Son of God. Let’s learn from the man who raised our eternal Hope. Let’s reflect on how we as men can also raise hope for generations to come by being selfless and intentional mentors.
5 Days
These five mysteries focus on the incarnation of Jesus and the characters involved in His early life of earth. Reflecting on these stories allows us to dig deeper into the great mystery involved in how an experience of Christ can bring joy which is transformative to our very lives. These mysteries are meditated upon when people pray with the Rosary and as such it is suggested to pray some form of repetitive prayer as a tool to aid your meditation.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ