ලූක් 2:28-35

ලූක් 2:28-35 SCV

එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය: “ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස, ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක; මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය. සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ, අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.” දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ. ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියම ව සිටින්නේ, බොහෝ දෙනකුගේ යටි සිතුවිලි එළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතෙකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය.

ලූක් 2 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

ලූක් 2:28-35 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය