ලූක් 2:17-20

ලූක් 2:17-20 SCV

ළදරුවා දුටු කල ඔවුහු දරුවා ගැන තමනට දන්වන ලද දෑ පතළ කළහ. ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් කී දෑ පිළිබඳ මවිත වූහ. එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය. එඬේරුන් ආපසු ගියේ, තමන්ට දන්වන ලද ලෙස තමන් ඇසූ දුටු හැම දේ ගැන දෙවියන්වහන්සේට මහිමය දෙමින් හා ප්‍රශංසා කරමිනි.

ලූක් 2 කියවන්න