ලූක් 17:20-27

ලූක් 17:20-27 SCV

දෙවියන්වහන්සේගේ රාජ්‍යය කවදා ඒදැයි වරක් පරිසිවරුන් විසින් අසන ලදුව, උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය, නිරීක්ෂණයට ලකුණු සමඟ පැමිණෙන්නේ නැත. ‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ” යි පැවසූ සේක. ඉන්පසු ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලින් එකක් දකින්නට ඔබ ආශා වන කාලයක් පැමිණේ; එහෙත් ඔබ එය දකින්නේ නැත. ‘අතැන බලන්න; මෙතැන බලන්න’ කියා ඔවුන් ඔබට කියනු ඇත. ඒ අසා පිටතට නො යන්න; ඔවුන් පස්සේ නො යන්න. මන්ද විදුලිය, එක් කොනක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේ ම වන සේක. එහෙත් පළමු කොට, උන්වහන්සේ බොහෝ දේ විඳින්නටත්, මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් යුතු ව ඇත. “නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි. නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජලගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.