ලූක් 14:26-31

ලූක් 14:26-31 SCV

“මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේ ම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මගේ ගෝලයකු වන්නට බැරි ය. තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය. “ඔබෙන් යමෙක්, කුලුනක් ගොඩ නගන්නට අදහස් කරන්නේ නම්, පළමු කොට පසෙකට වී හිඳ, වැඩය නිම කර ගැනීමට ඇති තරම් වේ දැයි ගණන් නො බලා සිටින්නේ කවුරු ද? එසේ නො කර, අත්තිවාරම දමා, එය තනා නිම කරන්නට නො හැකි වුවහොත්, එය දකින සැවොම ඔහුට අවමන් කරමින්, ‘මේ මිනිහා ගොඩ නගන්නට පටන් ගත්තා. ඒත් වැඩේ නිම කර ගන්න බැහැ’ යි කියනු ඇත. “වෙනත් රජකුට එරෙහිව යුද සූදානමක් ඇති කල, පළමු කොට පසෙකට වී හිඳ, විසිදහසක සතුරු හමුදාවට මුහුණ දීමට, දසදහසක තම හමුදාවට හැකිවේදැයි විමසා නො බලන්නේ කවර රජු ද?