ලූක් 12:54-59
ලූක් 12:54-59 SCV
සමූහයා ඇමතූ උන්වහන්සේ, “බස්නාහිරින් වලාකුළක් නැගෙනු දකින විගස ‘වැස්සක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි. දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි. එම්බා වංචනිකයිනි, පොළොවේත්, අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට එසේ නම්, මේ වත්මන් කාලය ගැන අරුත් නො දක්වන්නේ ඇයි? “හරි දේ කුමක් දැයි ඔබ ම තීන්දු නො කරන්නේ ඇයි? ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිර ගෙයි දමනු ඇත. මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක.

