ලූක් 10:39-42

ලූක් 10:39-42 SCV

මරියා නම් වූ ඇගේ සහෝදරිය, ස්වාමින්වහන්සේගේ පාමුල හිඳ, උන්වහන්සේ කී දෑ අසා සිටියා ය. එහෙත් සත්කාර බොහොමයක් ගැන සිත් කලබල කර ගත් මාර්තා, ස්වාමින්වහන්සේ වෙත පැමිණ, “ස්වාමිනි, මගේ සහෝදරිය මේ සියලු වැඩ මා විසින් තනි ව කරන්නට හැර, පැත්තකට වී සිටින හැටි ඔබ සලකන්නේ නැති ද? මට උදවු කරන්න කියා ඇයට කියන්නැ” යි කීවා ය. එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා. එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි. මරියා තෝරා ගෙන ඇත්තේ වඩා හොඳ කොටසයි. ඒ දේ ඈ කෙරෙන් පැහැර ගනු ලබන්නේ නැතැ” යි ඇයට කී සේක.