ලූක් 1:48-50
ලූක් 1:48-50 SCV
මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක් ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත. මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය. උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට, උන්වහන්සේට භය ඇත්තන්ට ය.


