ලූක් 1:44-49

ලූක් 1:44-49 SCV

බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය. එවිට මරියා මෙසේ පැවසුවා ය: “මගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි; මගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මගේ ආත්මය ප්‍රීති වෙයි. මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක් ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත. මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය.

ලූක් 1 කියවන්න

ලූක් 1:44-49 බයිබල් පදය සහිත රූපය

ලූක් 1:44-49 - බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය.

එවිට මරියා මෙසේ පැවසුවා ය:
“මගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි;
මගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මගේ ආත්මය ප්‍රීති වෙයි.
මන්ද තම දාසියගේ පහත්කම,
උන්වහන්සේ සැලකූ සේක;
දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක් ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත.
මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක.
උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය.