ලෙවී 6
6
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“යමෙක්, ස්වාමින්වහන්සේට විරුද්ධ ව විශ්වාසය කඩ කරමින්, යට දැක්වෙන අයුරු පව් කළහොත්, එනම්, තම අසල්වැසියා පරෙස්සමට බාර දුන් මුදලක් නොහොත් තමා බාරයේ තැබූ දෙයක් වංචා කිරීමෙන් හෝ සොරා ගැනීමෙන් හෝ ප්‍රයෝගයෙන් අත්කර ගැනීමෙන් හෝ 3නැති වූ යමක් සම්භ වී, ඒ ගැන බොරු කීවොත් හෝ මිනිසුන් කරන එබඳු පවක් පිළිබඳව බොරුවට දිවුරුවොත් 4එසේ පව් කිරීමෙන්, ඔහු වරදකරුවකු වෙයි. ඔහු ඒවා ආපසු දිය යුතු ය. ඔහු සොරාගත් හෝ ප්‍රයෝගයෙන් අත්කර ගත් දෑ වේවා, ඔහු බාරයේ තබා තිබූ හෝ නැති වී තිබී, ඔහුට සම්භ වූ හෝ 5ඔහු බොරුවට දිවුළ දෑ යන කවර දෙයක් වුව, ඒවා මුළුමනින් ම එහි අයිතිකරුට ආපසු දිය යුතු ය. එහි මුළු වටිනාකමට තවත් පහෙන් එකක් ද එකතු කර, ඔහු තමා වරදකරු වූ දවසේ ම ඔහු ඒ සියල්ල ආපසු දිය යුතු ය. 6ඔහු ඊට වන්දියක් වශයෙන්, තම වරද නිවාරණ පූජාව ස්වාමින්වහන්සේට පිළිගන්වනු පිණිස, තම රංචුවෙන් නිසි තක්සේරුවකින් යුතු, කැළැල් රහිත බැටළුවකු පූජකයා වෙත ගෙන ආ යුතු ය. 7පූජකයා මෙසේ, වරදකරු උදෙසා ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පාප වන්දි නිවාරණය ඉටු කරයි. ඔහුට වරද පැමිණීමට ඔහු කළ ඒ කවර දේට වුව, එයින් ඔහුට කමාව ලැබේ යැ” යි පැවසූ සේක.
දවන යාග පූජා
8 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 9“ආරොන්ටත්, ඔහුගේ පුත්‍රයින්ටත් මෙසේ අණ කරන්න: ‘දවන යාග පූජා පිළිබඳ නියමයන් මෙසේ ය: දවන යාග පූජාව, මුළු රැය පුරා උදය තෙක්, පූජාසනයේ දර මත තිබිය යුතු ය. පූජාසනය මත ගින්න ඇවිළෙමින් තිබිය යුතු ය. 10පූජකයා උදෑසන තම හණ කබාය ද ඇඟ වසා යට ඇඳුම් ද හැඳගෙන, පූජාසනය මත ගින්නෙන් දැවුණු දවන යාග පූජාවේ අළු ඉවත් කොට, ඒවා පූජාසනය පසෙකින් තැබිය යුතු ය. 11ඉන්පසු ඔහු එම ඇඳුම් ඉවත් කර, අනෙක් ඇඳුම් ඇඟ ලා, එම අළු, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ගෙන ගොස්, දැමිය යුතු ය. 12පූජාසනය මත ගින්න දිගට ම ඇවිළෙමින් නිවෙන්නට නො හැර තිබිය යුතු ය. පූජකයා හැම උදය ම දර දමා, දවන යාග පූජාව ගින්න මත අතුරා, ශාන්ති පූජාවේ මේදය, ගිනි මත දවාලිය යුතු ය. 13පූජාසනය මත ගින්න නිරතුරු ඇවිළෙමින් තිබිය යුතු ය; එය නිවී යන්නට නො හැරිය යුතු ය.
ධාන්‍ය පූජා
14“ ‘ධාන්‍ය පූජා පිළිබඳ නියමයන් මෙසේ ය; පූජාසනය ඉදිරියේ ස්වාමින්වහන්සේ අබියස එය පිළිගැන්විය යුත්තේ, ආරොන්ගේ පුත්‍රයින් විසිනි. 15පූජකයා, ධාන්‍ය පූජාවේ සිහින් පිටි අහුරක් සමඟ අදාළ තෙල් ද කට්ටකුමංජල් සියල්ල ද ගෙන, සිහි කිරීමේ පංගුව ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් කොට, පූජාසනය පිට දවාලිය යුතු ය. 16පූජාවේ ඉතිරි කොටස, ආරොන් ද ඔහුගේ පුත්‍රයින් ද වළඳත්වා! එය වැළඳිය යුත්තේ මුහුන් මිශ්‍ර නො කර, ශුද්ධ තැනකදී ය. ඔවුහු ඒවා හමුවීමේ කූඩාරම තුළදී වැළඳිය යුතු ය. 17ඉන් ආහාර තනාගත යුත්තේ, මුහුන් මිශ්‍ර නො කර ය. ගින්නෙන් මට පිදූ පූජාවලින් ඔවුන්ගේ පංගුව වශයෙන් මම එය ඔවුන්ට දුනිමි. පාප පූජාව හා වරද නිවාරණ පූජාව සේ ම, මෙම පූජාව ද අතිශුද්ධ ය. 18ආරොන්ගෙන් පැවත එන කවර පිරිමියකුට වුව ද එයින් වැළඳිය හැකි ය. ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් පරපුරින් පරපුරට ඔවුන්ට හිමි නිත්‍ය කොටස එයයි. එය ස්පර්ශ වන කවරෙක් වුව ද ශුද්ධ බවට පත් වෙතැ’ යි” කී සේක.
19 ස්වාමින්වහන්සේ තවදුරටත් මෝසෙස් ඇමතූ සේක්, 20“ආරොන් හා ඔහුගේ පුතුන් ආලේපය ලබන දවසේ ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු පුද පඬුරු නම්, නිරන්තර ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි ඒෆාවකින් දහයෙන් කොටසකි; ඉන් අඩක් උදයට ය; අඩක් සවසට ය. 21එය තැටියක, තෙලින් පිළියෙල කරන්න. මනාව එය මිශ්‍ර කර ගෙනවුත්, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වූ ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කළ යුතු ය. 22ඔහුගෙන් පසුව ආලේපය ලබන්නට සිටින පුත්‍රයා එය පිළියෙල කළ යුතු ය. එය ස්වාමින්වහන්සේගේ නිත්‍ය කොටස ය. එය මුළුමනින් ම දවාලිය යුතු ය. 23පූජකයකුගේ ධාන්‍ය පූජා හැම එකක් ම සම්පූර්ණයෙන් දවාලිය යුතු ය. ඒවා අහරට නො ගත යුතු යැ” යි පැවසූ සේක.
පාප පූජා
24 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 25“ආරොන්ටත්, ඔහුගේ පුත්‍රයින්ටත් මෙසේ කියන්න: ‘පාප පූජා පිළිබඳ නියමයන් මෙසේ ය. ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප පූජා සතා මැරිය යුත්තේ, දවන යාග පූජා සතා මරන තැනදී ම ය. එය අතිශුද්ධ ය. 26එය ඔප්පු කරන පූජකයා එය වැළඳිය යුතු ය. එය වැළඳිය යුත්තේ හමුවීමේ කූඩාරම් මළුව තුළ ශුද්ධ තැනකදී ය. 27යාග-මස ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ. ඉන් ලේ ස්වල්පයක් හෝ යම් ඇඳුමකට විසි වුවහොත්, ශුද්ධ තැනකදී එය සේදිය යුතු ය. 28මස පිසින ලද මැටි බඳුන බිඳිය යුතු ය. එය පිසින ලද්දේ ලෝකඩ බඳුනක නම්, එය අතුල්ලා මැද, දියෙහි ගිල්වා සේදිය යුතු ය. 29පූජක පවුලේ කවර පිරිමියකුට වුව එම පූජාවෙන් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය. 30එහෙත්, ශුද්ධස්ථානයේ පාප වන්දි නිවාරණයක් සඳහා යම් පාප පූජාවක ලෙය, හමුවීමේ කූඩාරම තුළට ගෙන යන ලද ද, එම පූජාව නො වැළඳිය යුතු ය. එය මුළුමනින් ම දවාලිය යුතු ය.
දැනට තෝරාගෙන ඇත:
ලෙවී 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: