ලෙවී 6:24-30

ලෙවී 6:24-30 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ටත්, ඔහුගේ පුත්‍රයින්ටත් මෙසේ කියන්න: ‘පාප පූජා පිළිබඳ නියමයන් මෙසේ ය. ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප පූජා සතා මැරිය යුත්තේ, දවන යාග පූජා සතා මරන තැනදී ම ය. එය අතිශුද්ධ ය. එය ඔප්පු කරන පූජකයා එය වැළඳිය යුතු ය. එය වැළඳිය යුත්තේ හමුවීමේ කූඩාරම් මළුව තුළ ශුද්ධ තැනකදී ය. යාග-මස ස්පර්ශ වන කවරක් වුව ශුද්ධ බවට පත් වේ. ඉන් ලේ ස්වල්පයක් හෝ යම් ඇඳුමකට විසි වුවහොත්, ශුද්ධ තැනකදී එය සේදිය යුතු ය. මස පිසින ලද මැටි බඳුන බිඳිය යුතු ය. එය පිසින ලද්දේ ලෝකඩ බඳුනක නම්, එය අතුල්ලා මැද, දියෙහි ගිල්වා සේදිය යුතු ය. පූජක පවුලේ කවර පිරිමියකුට වුව එම පූජාවෙන් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය. එහෙත්, ශුද්ධස්ථානයේ පාප වන්දි නිවාරණයක් සඳහා යම් පාප පූජාවක ලෙය, හමුවීමේ කූඩාරම තුළට ගෙන යන ලද ද, එම පූජාව නො වැළඳිය යුතු ය. එය මුළුමනින් ම දවාලිය යුතු ය.

ලෙවී 6 කියවන්න