ලෙවී 5:4-6

ලෙවී 5:4-6 SCV

තවද, යමෙක් ඉක්මන් වී හොඳක් හෝ නරකක් හෝ කිරීමට දිවුළහොත්, එනම් නො සැලකිල්ලෙන් කවර හෝ දිවිරීමක් කළහොත්, ඔහු ඒ ගැන නො දැන සිටියත්, එය දැනගත් කල වරදකරුවෙක් වෙයි. එකී අයුරකින් යමකු වරදකරුවකු වූ කල, තමා කළ පාපය ගැන ඔහු පාපොච්චාරණ කළ යුතු ය. තමා කළ පාපයට වන්දියක් වශයෙන් ඔහු තම රංචුවෙන් එළු හෝ බැටළු හෝ ගැහැනු පැටවක ස්වාමින්වහන්සේ වෙත පාප පූජාවක් වශයෙන් ගෙන ආ යුතු ය. ඔහුගේ පාප උදෙසා, පාප වන්දි නිවාරණය, පූජකයා ඉටු කළ යුතු ය.

ලෙවී 5 කියවන්න