ලෙවී 26:3-5

ලෙවී 26:3-5 SCV

“ ‘ඔබ, මගේ නියෝග අනුගමන කරමින්, මගේ ආඥාවලට කීකරු වීමට වග බලා ගතහොත්, මම නිසි කලට ඔබට වැසි වස්සන්නෙමි. එවිට මහ පොළොව එහි අස්වැන්න ද කෙත් වත්හි ගහ වැල ඒවායේ පලදාව ද උපද්ද වන්නේ ය. ඔබේ ගොයම් පෑගීම, මිදි අස්වනු කාලය දක්වා ද මිදි අස්වනු නෙළීම කුඹුරු වපුරන කාලය දක්වා ද දිගට ම පවතින්නේ ය. ඔබ රිසි සේ අහර ගනිමින්, ඔබේ දේශය තුළ සුරැකි ව වෙසෙනු ඇත.