ලෙවී 19:13-18
ලෙවී 19:13-18 SCV
“ ‘ඔබේ අසල්වැසියාට අයුක්තියක් නො කරන්න. ඔහුගෙන් පැහැර ගැනීම නො කරන්න. “ ‘කම්කරුවකුගේ කුලිය ගෙවීම පසු දා උදය වන තුරු පමා නො කරන්න. “ ‘බිහිරි අයට ශාප නො කරන්න. අන්ධ අය යන මගෙහි බාධක නො තබන්න. ඔබේ දෙවියන්වහන්සේට භය වන්න. මම ස්වාමින්වහන්සේ ය. “ ‘යුක්තිය නො පෙරළන්න; දුප්පතාට පක්ෂග්රාහීවීම හෝ බලවතාට විශේෂ සැලකිලි දැක්වීම හෝ නො කරන්න. ඔබේ අසල්වැසියා අතර විනිශ්චයේදී යුක්තිය පසිඳලන්න. “ ‘ඔබේ ජනයා අතරේ තැන තැන අපහාස කතා නො පතුරවන්න. “ ‘ඔබේ අසල්වැසියාගෙන් ජීවිතය උපද්‍රවයට පත් විය හැකි කිසිවක් නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය. “ ‘ඔබේ සහෝදරයා ගැන වෛරයක් ඔබේ සිතේ තබා නො ගන්න. ඔබේ අසල්වැසියාට ඔහුගේ වරද ගැන සෘජු ව කතා කරන්න. එවිට වරදට ඔබ හවුල් නො වේ. “ ‘පළිගැනීමෙන් වළකින්න. එකිනෙකාට එරෙහිව වෛරයක් තබා නො ගන්න. ඔබට සේ ම ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මම ස්වාමින්වහන්සේ ය.

