ලෙවී 16:1-5

ලෙවී 16:1-5 SCV

ස්වාමින්වහන්සේ ඉදිරියට ළඟා වූ විට මිය ගිය ආරොන්ගේ පුතුන් දෙදෙනාගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඔහු මරණයට පත් නො වන පිණිස ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය අබියස ඇති තිරයෙන් එහා අතිශුද්ධස්ථානයට තමන් හිතූ හිතූ වෙලාවට ඇතුළු නො වන ලෙස ඔබේ සහෝදර ආරොන්ට කියන්න. මන්ද කරුණාසනයට ඉහළින් වලාකුළේ මම පෙනී සිටින්නෙමි. “ආරොන් ශුද්ධස්ථානයට ඇතුළු විය යුත්තේ, පාප පූජාවක් සඳහා ගොන් වස්සකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවකු ද රැගෙන ය. ඔහු ශුද්ධ හණ දිගු කබාය හැඳගත යුත්තේ, හණ යට ඇඳුම් ඇඟ ලා ගෙන ය. ඔහු ඉඟ වටා හණ බඳ පටිය බැඳ, හණ තලප්පාව පැලඳිය යුතු ය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඒවා ඇඟලීමට පෙර ඔහු දිය නෑ යුතු ය. තවද ඔහු ඉශ්‍රායෙල් සමාජයෙන් පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවකු ද ගත යුතු ය.

මෙයට අදාළ වීඩියෝ

ලෙවී 16:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය