ලෙවී 11:1-8
ලෙවී 11:1-8 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනතාවට මෙසේ කියන්න: ‘ගොඩ බිම වෙසෙන සතුන් හැම අතරින් ඔබට අහරට ගත හැකි මේ සතුන් ය. කුරය බෙදී, වෙන් ව ඇති, වමාරා කන කවර සතකු වුව ඔබට අහරට ගත හැකි ය. “ ‘වමාරා කන නමුදු, කුර නො බෙදුණු සත්තු ද කුර බෙදී ඇති නමුදු වමාරා නො කන සත්තු ද වෙති. ඔබ උන් අහරට නො ගත යුතු ය. ඔටුවා වමාරා කන නමුදු, උගේ කුර බෙදී නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. පර්වත කූට හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. ඌරාගේ කුරය බෙදී, වෙන් ව ඇති නමුදු, ඌ වමාරා කන්නේ නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. උන්ගේ මස ඔබ අහරට නො ගත යුතු ය; උන්ගේ මළකුණු ස්පර්ශ නො කළ යුතු ය. ඔබට උන් අපවිත්‍ර ය.

