විලාප ගී 3:25-31

විලාප ගී 3:25-31 SCV

උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය. එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්, ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ. තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින් ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ. තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ; නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ! මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක.

විලාප ගී 3:25-31 බයිබල් පදය සහිත රූපය

විලාප ගී 3:25-31 - උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද
උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය.
ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම
කෙනකුට හොඳ ය.
තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම
කවරකුට වුව හොඳ ය.

එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්,
ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ.
තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින්
ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ.
තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ;
නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ!

මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම
කිසිවකුවත් අතැර නො දමන සේක.