විලාප ගී 3:19-25

විලාප ගී 3:19-25 SCV

තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත. එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ, මට බලාපොරොත්තුවක් ඇති බැවිනි. අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය.

විලාප ගී 3:19-25 සඳහා වීඩියෝව

විලාප ගී 3:19-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය