ස්වාමින්වහන්සේගේ උදහසේ ඉපලෙන් දුක් පීඩා අත්දුටු මිනිසා මා ය. උන්වහන්සේ ඉවතට මා පලවා හැර, ආලෝකයක් නැති, අන්ධකාරයෙහි මට ඇවිදින්නට සැලසූ සේක. සැබවින් ම උන්වහන්සේ දවස මුළුල්ලේ යළි යළිත් මට එරෙහිව තම හස්තය එසවූ සේක. උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්, මගේ ඇටකටු බිඳ දැමූ සේක. උන්වහන්සේ දුක් දොම්නස්වලින් හා පීඩා උවදුරුවලින් මා වටකර ලූ සේක. උන්වහන්සේ මට අන්ධකාරයෙහි සිටින්නට සැලැස්වූයේ, දිගු කලකට ඉහත මියැදුණුවුන් සිටින පරිද්දෙනි. මට පැන යන්නට බැරි ලෙස උන්වහන්සේ, තාප්පයකින් මා වට කළ සේක්, බර දම්වැලකින් මා බැඳ දැමූ සේක. පිහිට වන ලෙස ඉල්ලා මා මොර ගසන විටදී, උන්වහන්සේ මගේ යාච්ඤාවට කන් වසා ගත් සේක. කැපූ ගලින් උන්වහන්සේ මගේ මාර්ගය ඇහුරූ සේක්, මගේ මාවත අවහිර කළ සේක. යන මග රැක සිටින වලසකු සේ ද රහසේ සැඟවී සිටින සිංහයකු සේ ද උන්වහන්සේ මාර්ගයෙන් ඉවතට මා ඇදගෙන ගොස්, මා ඉරා දැමූ සේක්, අනාථ අසරණ භාවයට මා පත් කළ සේක. උන්වහන්සේ දුනු-දිය ඇද, තම හීවලට මා ඉලක්ක කළ සේක. උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන් මගේ හද ඇතුළට ම විද්ද සේක; මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ; දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ. උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා, තිත්ත කදුරු මට බොන්නට දුන් සේක. උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක; උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක. ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත; සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි. එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි; ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.” තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත.
විලාප ගී 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විලාප ගී 3:1-20
5 Days
Pain. Sorrow. Anxiety. Anger. Relief. Numbness. Fear. Joy. The emotions that we feel when going through the grieving process are numerous. In this five-day devotional journey, we'll explore some of the every-day practicalities involved in the grieving process, all while helping to see God as present in a time where that may not be easy to see and feel.
Most likely written by the prophet Jeremiah, Lamentations is a collection of poems mourning the siege of Jerusalem and the coming exile of Judah. Despite the wickedness of God’s people that led to their captivity, the writer reminds his readers the loyal love and mercy of the Lord are truly new every morning (Lamentations 3:22-23). Even in deep darkness, God is our portion, our hope, and our salvation.
When trauma or tragedy strike, it can seem to us that it’s impossible to live again. Neurosurgeon Lee Warren—who has endured his own personal tragedies—says you can survive, find your feet, reinvigorate your faith, and even experience happiness again. His treatment plan works. And hope is the first dose he prescribes.
By journaling our prayers and reflecting on our experiences, we dialogue with God, finding peace and reassurance in His presence, a simple yet profound act of writing down your thoughts to understand them more clearly. Philippians 4:6-7 encourages us to present our requests to God with thanksgiving, promising that “the peace of God, which transcends all understanding, will guard your hearts and your minds in Christ Jesus.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ