විලාප ගී 2:10-13
විලාප ගී 2:10-13 SCV
සියොන් දියණියගේ පුරවර ප්‍රජා මූලිකයෝ බිම හිඳගෙන, මුනිවත රකිති; ඔවුහු තම හිස් පිට දූලි ඉස, ගෝණි රෙදි හැඳ ගනිති; යෙරුසලම් කන්‍යාවියෝ තම හිස්, බිමට එල්ලාගෙන සිටිති. කඳුළු සැලීමෙන්, මගේ ඇස් මලානික ව ඇත. මගේ බඩවැල් වේදනාවෙන් ඇඹරේ; මගේ පිත පැළී බිම වැගිරේ; මන්ද, මගේ ජනයා වූ දියණිය විනාශ වී ගොසිනි; ළමා ළපටි නගර වීදිවල ක්ලාන්ත ව යති. නගර වීදිවලදී තුවාල ලද්දවුන් මෙන් ඔවුන් ක්ලාන්ත වෙද්දී, තම මවුවරුන්ගේ ඇකයෙහි ඔවුන්ගේ ජීවිත මිලින ව යද්දී, “කෝ රොටි නැද්ද? කෝ මිදි යුෂ නැද්දැ?” යි ඔවුහු තම මවුවරුන්ගෙන් අසති. එම්බා යෙරුසලම් දියණිය, නුඹ ගැන මම කුමක් කියම් ද? කුමක් සමඟ නුඹ සසඳන්නෙම් ද? එම්බා සියොන් කන්‍යා දියණිය, නුඹ අස්වසාලනු පිණිස, මම කුමකට නුඹ සමාන කරම් ද? නුඹගේ තුවාලය මහ මුහුද මෙන් ගැඹුරු ය; කවරකුට නුඹ සුව කළ හැක්කේ ද?

