යෝෂුවා 9:12-15

යෝෂුවා 9:12-15 SCV

මෙන්න, අපේ රොටි; ඔබ වෙත එන්නට අප පිටත් වූ දවසේ, අපගේ ගමනට ආහාර වශයෙන් අපේ ගෙවලින් මේවා ගන්නා විට ඒවා උණුසුම් ව තිබුණා. ඒත් දැන්! මෙන්න ඒවා වේලිලා. පුස් බැඳිලා. මේ මිදි යුෂ සම්-බඳුන් අප ඒවා පුරවද්දී, ඒවා නැවුම් ව තිබුණා. ඒත් දැන්, ඒවා පැළී ගොසින්. අපගේ හැඳිවත් හා පාවහන්, ගමන ඉතා දිගු නිසා ඒවා අබලන් වෙලා” යි පැවසූහ. ඉශ්‍රායෙල් මිනිස්සු ඔවුන්ගේ ආහාර පිළිගත් නමුදු, ස්වාමින්වහන්සේගෙන් උපදෙස් විමසුවේ නැත. යෝෂුවා ඔවුන් සමඟ සාමය ඇතිකර ගෙන, ඔවුනට ජීවත් වන්නට ඉඩ දෙමින්, ඔවුන් සමඟ ගිවිසුමක් ඇතිකර ගත්තේ ය. ජන සමූහයාගේ නායකයෝ ඔවුනට දිවුරුවෝ ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 9:12-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය