යෝෂුවා 3:7-13

යෝෂුවා 3:7-13 SCV

ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත. දැන් නුඹ, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකයින්ට අණ කරමින්, ‘ඔබ යොර්දාන් ජල තීරයට පැමිණි කල, නො සැලී ගඟේ සිටගන්න’ කියා කියන්නැ” යි පැවසූ සේක. යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “මෙහි එන්න; ඇවිත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. ජීවමාන දෙවියන්වහන්සේ ඔබ අතර සිටින වගත්, කානානිවරුන්, හිත්තිවරුන්, හිවීවරුන්, පෙරිස්සිවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන් හා යෙබූසිවරුන් උන්වහන්සේ නිසැකයෙන් ම ඔබ ඉදිරියෙන් පන්නා දමන වගත් ඔබ දැනගන්නේ මෙලෙසිනි; ඔන්න! මුළු පොළොවේ ස්වාමියාණන්ගේ ගිවිසුම් කරඬුව ඔබට පෙරටුවෙන් යොර්දානයට බසින්නට යයි. දැන්, එක් ගෝත්‍රයකින් එක් මිනිසකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් දොළොස් දෙනකු තෝරා ගන්න. මුළු පොළොවේ ස්වාමියාණන් වන ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන පූජකයින් යොර්දාන් ජලයට පය ගැසූ සැණින්, ඉස්මත්තේ සිට ආ යොර්දාන් ජලය ගැලීමෙන් බෙදී, ඉහළ සිට පහළට ආ ජලය තනි ගොඩක් ව නැගී සිටිනු ඇතැ” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 3:7-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය